ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත්කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.