ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පැවති එම තරඟයේ දී ජයග්‍රහණය ට අවශ්‍ය ව තිබූ ලකුණු 121 කිසිවෙකු නොදැවී ලබා ගැනීමට ඔවුන් සමත් වුණි.
ඒ අනුව තරඟාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය.
ක්වින්ටන් ඩි කොක් නොදැවී ලකුණු 59යි.
රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී ලකුණු 56යි.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 120ක් පමණි.
ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 121 පන්දු ඕවර 14.4කදී ලබා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ට හැකි වුණි.