බීමතින් බන්ධනාගාරයට ගිය ප්‍රබල රාජ්‍ය ඇමැති කවුද ?

බලවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම්ගහ බැලීමට අවශ්‍ය බව කියමින් බීමත්ව බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇති බව අද ප්‍රධාන පුවත්පත් කිහිපයක වෙබ් අඩවි වල සටහන්ව තිබුණි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මිතුරන්ද බීමතින් සිටි බවත්, ඇතැමුන් අධික බීමතින් සිටීම හේතුවෙන් බිම ඇද වැටී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන් විය.
ඔවුන් බොහෝ දෙනෙක් කොට කලිසම්වලින් සැරසී සිටි බවද එම වාර්තා අනාවරණය කළේය.
එමෙන්ම රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයක් අතේ තබාගෙන සිට ඇති බවත්, මෙම පිරිස නැවැත්වීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන් බැන වැදී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවේ දැක්වේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක,  චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කරන්නේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.
Leave A Reply

Your email address will not be published.