මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් මත කෙරවලපිටිය බලාගාරයේ අයිතිය අමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය වහාම හකුලාගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.
එහිදී මාධ්‍යවේදියෙක් ඇසුවේ ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණයකට යා යුතු බව විපක්ෂ නායකතුමා පවසා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණත් ඒ මතයේ සිටිනවාද යනුවෙනුයි.
එයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවන් පිළිතුරක්.
“මොළේ පරීක්ෂා කරගන්න ඕනේ එයාගේ මේවගේ වෙලාවක. ආ… දැන් ආණ්ඩුවට විවේචනයක් හැදිලා තියෙනවා. දැන් මට ඒ පුටුවේ වාඩිවෙන්න පුළුවන් එයාට. ඒ වගේ ඉතාමත් අපරිණත, අඥාන ප්‍රකාශයන් ඒවා. ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙලා තියෙනවා ඒක ඇත්ත. ව්‍යසනයක් වෙලාවේ ඡන්දයක්. ඔළුව පරීක්ෂා කරන්න ඕනේ නැද්ද? එකතු වෙන්නේ නෑනේ ආණ්ඩුව. අපි කරන්න ඕනේ මොකද්ද ? මේක හොඳ දිසාවට හරවන්න ඕනේ. යෝජනා දෙන්න ඔනේ. පිළිගන්නවාද නැද්ද වෙනම දෙයක්. කවුරු හරි හිතනවා ද මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න ඕනේ කියලා. ඒවා අර ලාබ ලෙස තමන්ගේ බලය පුටුවල වාඩිවෙන්න පුළුවන් කියලා හිතෙන නේද ? ඒ අයගේ අදහස්.”