දෙවැනි T20 තරගය දකුණු අප්‍රිකාව පහසුවෙන් ජය ගනී

තරගාවලි ජය 2 - 0 ලෙස දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.1කදී ලකුණු 103කට දැවී ගියේය.

කුසල් පෙරේරා පන්දු 25කදී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ ලබාගත්තේ ලකුණු 20ක් පමණි.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 104 කඩුලු එකක් පමණක් දැවී ලබාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුහ.

ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ පන්දු ඕවර 14.1ක් පමණි.

ඒ අනුව තරඟ 3න් සමන්විත තරඟාවලිය මේ වනවිට 2 – 0 ක් ලෙස ජය ලැබීමට ඔවුන් සමත් වී තිබේ.

 

Leave A Reply

Your email address will not be published.