සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග අද පැවැත්වෙන 02 වන T20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතයි.
අද තරගයේදී කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවත් ඔහු කැඳවා ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට බවත් වාර්තා වනවා.
භානුක රාජපක්ෂට තවත් අවස්ථාවක් ලබාදී තිබෙනවා.
අද තරගයේදී කුසල් ජනිත් සමගින් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.
අකිල ධනංජය වෙනුවට අද තරගය සඳහා දග පන්දු යවන්නෙකු හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කැඳවීමට වැඩි ඉඩකඩක් පවතිනවා.