T20 ලෝක කුසලානයට 19 ක් නම් කෙරේ

2021 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වයේ වගකීම පැවරී ඇත්තේ ධනංජය ද සිල්වාටයි.

මෙම සංචිතය ක්‍රීඩා අමාතවරයාගේ අනුමැතියට යොමු කර තිබෙනවා.

01. දසුන් ශානක – නායක
02. ධනංජය ද සිල්වා – උප නායක
03. කුසල් ජනිත් පෙරේරා
04. අවිශ්ක ප්‍රනාන්දු
05. චරිත් අසලංක
06. භානුක රාජපක්ෂ
07. දිනේෂ් චන්දිමාල්
08. කමිදු මෙන්ඩිස්
09. වනිඳු හසරංග
10. චාමික කරුණාරත්න
11. දුෂ්මන්ත චමීර
12. ප්‍රවීන් ජයවික්‍රම
13. බිනුර ප්‍රනාන්දු
14. අකිල ධනංජය
15. මහීෂ් තීක්ෂණ
16. නුවන් ප්‍රදීප්
17. පුළින තරංග
18. ළහිරු කුමාර
19. ළහිරු මධුසංඛ

 

Leave A Reply

Your email address will not be published.