කොවිඩ් මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඊයේ (10) දින තහවුරු කර ඇති එම මරණ 157ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
එම මරණ 157න් 87 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 70දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්.