මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සඳහන්.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතයි.
අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු ලබන 15 වනදා හෝ 16 වනදා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇති. මීට පෙර 2006 සිට 2015 දක්වා කාලයේදී ද අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.
ලබන 14 වනදා සිට තමන් මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ඊයේ ප්‍රකාශ කළා. ඔහු 2019 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට එම ධූරයේ කටයුතු කරනු ලබනවා.