පළමු 20 -20 තරගයෙන් දකුණු අප්‍රිකාව ට ලකුණු 28ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු T20 තරඟය ලකුණු 28කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේශාව් මහරාජ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු වෙනුවෙන් එහිදී ඒඩන් මාක්‍රම් ලකුණු 48ක් රැස්කළ අතර රීසා හෙන්ද්‍රික්ස් ලකුණු 38ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනෙෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 22ක් රැස්කළේය.

තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලිය 1-0ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙරමුනේ පසුවේ.

Leave A Reply

Your email address will not be published.