වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය ඉහළයාම හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් සඳහා මීට පෙර ලබාදී තිබූ ණය සහනය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව සලකාබලන ලෙස සියලු බලපත්‍ර ලාභි වාණිජ බැංකු වෙත මහ බැංකුව දැනුම්දී තිබේ.

අදාළ සහන කාලය පසුගිය මස 31 වනදායින් අවසන් වුණි.

ඒ අනුව එම සහන කාලය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කරන ලෙස මහ බැංකුව එලෙස දැනුම්දී ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට නොඅඩු වන සේ බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබාදීමට සලකාබලන ලෙසය.

ණය ගනුදෙනුකරුවන්ට ලබන වසරේ ජනවාරි මස සිට සිය ණය වාරික ගෙවීම ක්‍රමානුකූලව සිදුකරගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සකස්කර ගැනීමට මෙම ණය සහන කාලය උපකාරි වනු ඇති බව මහ බැංකුව පෙන්වාදී තිබේ.

මෙම ණය සහනය සඳහා සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට අදාළ බලපත්‍ර ලාභි බැංකු වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක 1935 හෝ 011 2 477 966 හෝ 011 2 477 129 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

මේ සම්බන්ධයෙන් බලපත්‍ර ලාභී වාණිජ බැංකු වෙත මහ බැංකුව විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛය www.cbsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි වෙයි

Leave A Reply

Your email address will not be published.