බිරිඳගේ ග්‍රහ පිහිටීම සැමියාට කරන බලපෑම

කුමන ආකාරයකට ගළපා ගත්තද ඇතැම් විට විවාහ දෙදරා යනු දක්නට ලැබෙයි

මෙලොව උපදින පිරිමින්ගෙන් විශාල පිරිසකගේ අරමුණ හොඳ බිරියක් ලබාගැනීමත්, සාර්ථක යුගදිවියක් ගතකිරීමත්ය. සෑම කෙනකුම නිසි වයස එළැඹෙද්දී මේ සඳහා ප්‍රාර්ථනා ගොනු කරන අතර ඊට සැලසුම්ද සකසයි. ඇතැම් විට තමාට සුදුසු කෙනකු සොයාගන්නට විවිධ ක්‍රම උපායන්ද කල්පනා කරයි. එසේ විවිධ මැනබැලීම් ඔස්සේ ගොස් ඉතා හොඳ යැයි සිතන තරුණියක, කාන්තාවක හා විවාහ ගිවිස ගනී. මේ සඳහා ඉතා හොඳ මිනුම් දණ්ඩක් යැයි සිතා පොරොන්දම් ගළපා ගනී.

එහෙත් ඉහත කුමන ආකාරයකට ගළපා ගත්තද ඇතැම් විට විවාහ දෙදරා යනු දක්නට ලැබෙයි. ඇතැම් විට එවැනි ක්‍රම ඔස්සේ සොයා බලා විවාහ වුවද ඇතැම් බිරියන්ට වැන්දඹු වන්නට සිදුවේ. වැන්දඹු වීම බිරියකගේ දුක්බර අත්දැකීමක් වුවද එයට වගකිව යුත්තාද ඇයම බව ග්‍රහචාරයන් ගැන හොඳින් දන්නා ජ්‍යොතිෂවේදීන්ට නම් රහසක් නොවේ. මන්ද ස්ත්‍රී කේන්දරයේ ඇති ඇතැම් ග්‍රහ පිහිටීම් විවාහයෙන් පසුව ඇගේ සැමියාට මරු කැඳවන්නට තරම් ප්‍රබල ඒවා බව වටහාගත යුතුව තිබේ. එනිසා විවාහයට පෙර සෑම කෙනකුම එම ග්‍රහ තත්ත්වයන් ගැන දැන කටයුතු කිරීම ඉතා යහපත් වෙයි. එයින් විශාල ගැටලු අවම කර, කාටත් සිත් සතුටින් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකසාගත හැකි වන්නේය.

මේ ගැන ඉතා කල්පනාකාරීව අවධානය යොමුකර තමන් විවාහ වන්නේ කා සමගදැයි සිතා අදාළ අයගේ කේන්දරය පරීක්ෂා කරවා ගන්නට හැකියාව වේ නම් සෑම පිරිමියකුටම සිය නියමිත ආයු කාලය නිසි පරිදි ගෙවා දමන්නට භාග්‍ය හිමිවනු ඇත. ඒ සඳහා පහත පරිදි ග්‍රහ තත්ත්වයන් ඇගේ කේන්දරයේ ඇද්ද යන්න විවාහයට පෙරම සොයා බලන්න.

බොහෝ දුරට සමහර ස්ත්‍රීන්ගේ ජන්ම කේන්දරවල පිහිටා ඇති පුරුෂ මර යෝග රාශියකි. මේවා එකිනෙක ඉතා සූක්ෂ්මව තෝරා බේරා පරීක්ෂා කරගත යුතුය. මේ එවැනි යෝග කිහිපයකි. මෙවැනි යෝග ස්ත්‍රී කේන්දරයක යෙදී ඇත්නම් විවාහය ගැන දෙවරක් සිතීම දෙදෙනාගේම අනාගත සුබසිද්ධියට යහපත් වන්නේය.
ස්ත්‍රී කේන්දරයක හත්වැන්න සහ අටවැන්න අධිපතීන් දෙදෙනා එකට එක්ව හයවැන්නේ හෝ දොළොස්වැන්නේ සිටීමෙන් ඇගේ අතගන්නා සැමියා ඉතා කෙටි කාලයකදී මියයනු ඇත.

අටවැන්න මේෂ, වෘෂ්චික යන කුජගේ රාශියක්වී, රාහු පාප ග්‍රහයකු සමග එහි සිටියහොත් සැමියා ඉක්මනින් මියයන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි.
රවි, ශනි, රාහු, කුජ යන පාප ග්‍රහයන් සිවුදෙනා එකම ලග්නයෙන් හතේ හෝ අටේ හෝ නැතහොත් චන්ද්‍රයාගෙන් හත්වැන්නේ සිටී නම් ඇගේ සැමියාගේ මරණය ඉක්මන් වන බව පැවැසේ.

කුජ ග්‍රහයා හත්වැන්නේ සිටිද්දී හෝ කුජ, ශනි දෙදෙනා සිංහ රාශියේ හත්වැන්නේ සිටිද්දීත් උපන් ස්ත්‍රියගේ සැමියාට දිගුකල් ආයුෂ නැති බව හඳුනාගත යුතුය.
ස්ත්‍රී කේන්දරයක ලග්නය පාප ග්‍රහයකුට අයත් වූ කල හෝ ලග්නයේ පාපයන් සිටියදී චන්ද්‍රයාත් පාප ග්‍රහයකුගේ රාශියක හෝ පාප ග්‍රහයකු සමග සිටින විට හෝ ලග්නයන් චන්ද්‍රයාගේ සුබ ග්‍රහ දෘෂ්ටියට ලක් නෛාවී සිටින අවස්ථාවක උපන් ස්ත්‍රිය රාගාධිකව කටයුතු කර සැමියා මරන්නට පෙලඹෙන බව දත යුතුය.
ලග්නයේ සහ හත්වැන්නේ පාප ග්‍රහයන් සිටියදී එම ග්‍රහයන් සුබ ග්‍රහ දෘෂ්ටි නොලැබී නම් එම ස්ත්‍රියගේ සැමියාගේ ආයුෂ අල්ප වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර – මව්රට පුවත්පත ඇසුරුණි

Leave A Reply

Your email address will not be published.