මේ ඒකට වෙලාව නෙමෙයි – නාමල්ට දුන් කෝටි 50 එපා කියා හරවා යවයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකට කොන්ත්‍රාත් පිරිනැමීමක් සිදුකර නෑ

දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් කායවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටවූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගී ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ එම ව්‍යාපෘතිය මේ අවස්ථාවේදී ආරම්භ කිරිමට නොහැකි බව පැවසූ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 500ක මුදල නැවතත් මුදල් අමාත්‍යාංශයට ලබාදුන් බවද සඳහන් කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකට කොන්ත්‍රාත් පිරිනැමීමක් සිදුකර නොමැති බවයි.

Leave A Reply

Your email address will not be published.