අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වෙයිද ?

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී මහ බැංකු අධිපති ධූරය භාරගැනීමේ සූදානමක් ඇති බවට තමන් සම්බන්ධයෙන් පළව ඇති පුවත අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර ඊට ඔහු පිළිතුරු ලබාදුන්නේ නැහැ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණගෙන්ද මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කල අතර ඔහු කියා සිටියේ නිල වශයෙන් එවැන්නක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි.

Leave A Reply

Your email address will not be published.