මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් ගණන අනූ හතර ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය අවසන් වන විට මෙරට භාවිත කරන කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක, එන්නත් මාත්‍රා දෙකම ලබාලත් පුද්ගලයින් ගණන 9,414,851 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.
මේ වන විට එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 12,823,147 ක් වනවා.