ශ්‍රී ලංකාවේ පැවැත්වෙමින් තිබෙන සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවීමට වැඩි ඉඩක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.
අද (07) පස්වරු 2:30ට ආරම්භ කිරීමට නියමිත තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන තරගය ද පෙර පරිදි කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පවත් වේ.
තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට තරග 1ට 1ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.
මේ අතර කුසල් ජනිත් පෙරේරාට අද පැවැත්වෙන තීරණාත්මක එක්දින තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් වැඩි දුරටත් පැවසීය.