විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තාක්ෂණික කමිටුවෙන් ඉවත්වූ හේතුව

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධානතම හේතුව, මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ක්‍රියාත්මක නොවීම බව වාර්තා වනවා.

විශේෂඥයින්ගේ උපදෙස් නොතකමින් මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉකුත් කාල සීමාවේදී ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වුණා.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට පළමුව කොවිඩ් එන්නත් ලබා දිය යුතු බවට තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබුණද වයස අවුරුදු 30 ට වැඩි සියලු පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදීමටයි පියවර ගැණුනේ.

ඒ හේතුවෙන් වයස අවුරුදු 60 ට වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් විශාල පිරිසකට එන්නත් ලබාදීම ප්‍රමාද වූ බවත්, එය මෙරට කොවිඩ් මරණ වැඩිවීමට හේතුවක් වූ බවත් විශේෂඥයින්ගේ මතයයි.

දිගින් දිගටම විශේෂඥයින්ගේ උපදෙස් අනුව කොවිඩ් මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එමගින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට වගකිව නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද ජේවික්‍රම සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ.

  • neth
Leave A Reply

Your email address will not be published.