සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා.
තරඟය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි. . තරග 3කින් යුත් එක්දින තරඟාවලිය මේ වන විට 1 – 1 ක් දෙපිලම ලෙස සම තත්වයේ පසුවනවා.
අද පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවයි වාර්තා වනවා. අද තරඟය සඳහා තවත් තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකා පිලට කැඳවීමටයි අවධානය යොමුව ඇති බව පැවසෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරඟාවලියක් ජය ගෙන ඇත්තේ වසර 8කට පෙරයි.