මේ මාසයේ සිට රජයේ රෝහල්වලට දේශීය සේලයින්

මෙම මාසයේ සිට දේශීයව නිෂ්පාදනය කරන සේලයින් රාජ්‍ය අංශය සඳහා ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

රාජ්‍ය අංශය සඳහා සේලයින් ආනයනය කිරීම මුළුමනින්ම නවතා දැමීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කරනවා.

“මේ මාසයේ සිට රාජ්‍ය අංශය සඳහා සම්පූර්ණ වශයෙන්ම දේශීය නිෂ්පාදනය කරන සේලයින් තමයි ලබාදෙන්නේ. රාජ්‍ය අංශයට සේලයින් ආනයනය කිරීම මුළුමනින්ම නතර කරනවා. මේ කර්මාන්ත ශාලාවේ පුළුවන් පැයකට සේලයින් බෝතල් 5,000ක් පමණ නිෂ්පාදනය කරන්න. වසරක් සඳහා රාජ්‍ය අංශයේ සේලයින් අවශ්‍යතාව සේලයින් බෝතල් මිලියන 18ක්. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සේලයින් අපනයනය කිරීම සඳහාත් අවස්ථාව ලැබෙනවා. සේලයින් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ මූලික වශයෙන් වතුර.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Leave A Reply

Your email address will not be published.