ආදිවාසී නායකයා ගේ බිරිඳ කොවිඩ් ආසාදිතව මිය යයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මීට සති 2කට පමණ පෙර හීන් මැණිකා කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇති අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) පස්වරුවේ මියගොස් ඇති බව වාර්තා වෙනවා.

දරුවන් 9දෙනෙකුගේ මවක වූ ඇය කාලයක් තිස්සේ තිස්සේ වකුගඩු ආබාධයකට ද ගොදුරු වී සිටි බව ද වාර්තා විය.

 

Leave A Reply

Your email address will not be published.