ඊයේ (03) දින සිදුවූ කොවිඩ් මරණ 145ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,951ක් දක්වා ඉහළ ගියා.
එම කොවිඩ් මරණ 145න් 68 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 77දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 117 දෙනෙකු, වයස අවුරුදු 30ට අඩු 04 දෙනෙකු සහ
අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් 24 දෙනෙකු සිටිනවා..