දෙවැනි එක්දින තරඟය දකුණු අප්‍රිකාව ජය ගනී

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ තරගය පන්දු ඕවර 47 කට සීමා වූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු ඕවර 47 තුලදී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් රැස් කළා. එහිදී ජන්නේමන් මලන් අගනා ලකුණු 121 ක් ,ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමට ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව පන්දු ඕවර 41 ක් තුලදී ලකුණු 235 ක ඉලක්කයක් හිමි වුණා. නමුත් පන්දු ඕවර 36 පන්දු 04 ක් තුළ සියලුදෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 197 ක් පමණයි. චරිත් අසලංක ලකුණු 77 ක් , චාමික කරුණාරත්න ලකුණු 36ක් සහ දසුන් ශානක ලකුණු 30 ක් ලබා ගත්තා.

මේ වන විට තරගාවලිය 1 -1 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසු වනවා.

 

Leave A Reply

Your email address will not be published.