දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවන එක්දින තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.

එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද පස්වරු 02. 30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයයෙන් ශ්‍රී ලංකාව ලකුණු 14 ක ජයක් අත්කරගත්තා. එම තරඟය ඉතිහාසයට එක් වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව වසර 03 කට පසු ලැබූ පළමු එක්දින ජය ලෙසයි.

ඒ අනුව අද තරඟය ජයගතහොත් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය අත්කර ගැනීමට හැකි වනවා.

Leave A Reply

Your email address will not be published.