පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 300ක් ලබාගැනීමට සමත් වුනා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 44ක් රැස් කළා,

චරිත් අසලංක පන්දු 62කදී ලකුණු 72ක් රැස් කිරීමට සමත් වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා ගත හැකි වුයේ පන්දු ඕවර 50 තුලදී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් පමණයි.

 

Leave A Reply

Your email address will not be published.