අස්ගිරි මල්වතු පාර්ශ්ව වලින් ගුරුවරුන්ට ඉල්ලීමක්

මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්නැයි අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු – විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් වසංගත මැද වුවද රජය පාර්ශ්වයෙන් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් රට තුළ පවතින තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරන ලෙස ඉන් ඉල්ලා ඇත.

රජය මේ මේහොතේ ඉදිරිපත් කර තිබෙන විසඳුමට යම් ප්‍රමාණයකට හෝ නම්‍යශීලී වී දරුවන් ගැන සිතා අධ්‍යාපන කටයුතු යළි සිදුකරගෙන යන ලෙසයි ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Leave A Reply

Your email address will not be published.