විපක්ෂ නායකවරයා රන්ජන් ට නිදහස ඉල්ලයි

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා වෙත යොමු කර ලිපියේ දැක්වෙන්නේ. රන්ජන් රාමනායකගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස විවිධ පාර්ශවවලින් තමන් වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි
මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඒ පිළිබඳ තමන් විසින් කළ දැනුවත් කිරීම්වලදී ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බවද එම ලිපියේ දක්වා තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට සාධනීය ප්‍රතිචාරයක් කඩිනමින් ආපේක්ෂා කරන බවයි විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.