තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වුණේ කොරෝනා වෛරසය ආසාදනයවූ අග්‍රාමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකයට ඇතුලත් කර ඇති බවයි.
අරලියගහ මන්දිරයට වී තම රාජකාරි කටයුතුවල යෙදෙමින් සිටිමින් තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද තමන් සහභාගී වූ බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
source – neth