දරුවන්ට විටමින් සී දීම සුදුසු ද ? – වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත

දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් C ලබාදීම නුසුදුනු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ දිනවල දරුවන්ට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍යවල විවිධ බෙහෙත් වර්ග පිළිබඳව සඳහන් කරන බවයි..

“සමාජ මාධ්‍යයෙන් දැකලා තියෙන, ඔබට හිතෙන එක එක බෙහෙත් වර්ග දරුවන්ට ලබාදෙන්න එපා. ඒක සමහර වෙලාවට දරුණු ආබාධ ඇතිකරන්න පුළුවන්. දෙමව්පියන්ට හිතෙන පරිදි දරුවන්ට විටමින් C දෙන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මොකද දරුවන්ට විටමින් C කොච්චර දෙන්න ඕනෙද කියලා කවුරුත් දන්නේ නෑ. උණ තියෙනවා නම් නියමිත මාත්‍රාවෙන් පැරසෙටමෝල් ලබාදෙන්න. ඊට වඩා දෙයක් තියෙනවා නම් රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවෙලා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබාදිය හැකි ඖෂධ පමණක් ලබාදෙන්න.”යනුවෙන් ඔහු සඳහන් කළේ “අද දෙරණ” BIG FOCUS වැඩසටහන සමග එක්වෙමිනි.

Leave A Reply

Your email address will not be published.