තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින් චීනයේ බීජිං නුවර සිට අද (24) අලුයම මෙම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවා.

මෙම මස අවසන්වීමට පෙර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.