කොවිඩ් නිසා අපට වෙන්න යන දේ ගැන විශේෂ හෙළිදරව්වක්

ලෝකය උඩු යටි කරපු කොවිඩ් 19 වසංගතය පිළිබදව විවිධ මති මතාන්තර සාකච්චා වෙනවා.එමෙන්ම මානව ශිෂ්ඨාචාරයේ පුළුල් වෙනසකට මෙම රෝගය විසින් මානවයා අලුත් මානයකට රැගෙන යනවා. කොවිඩ් වසංගතය නිසා මරණයත්, ජීවිතයත් අතරේ නිරන්තර සටනක යෙදෙන නූතන මානවයාගේ අනාගතය කෙසේ ගොඩනැගේවිද? අතීතය සුරංගනා කතාවක් විතරක් වේවිද ?

මේ පිළිබද විශේෂ සාකච්චාවක් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්‍ය ”ටියුඩර් වීරසිංහ” මහතා සමග මෙවර චින්තාගාරය තුළින් ඔබට ගෙන එනු ලැබේ. සියළු දෙනාටම වැදගත් මෙම සාකච්ඡාව 2021.08.22 උදෑසට 8.30 සිට “චින්තාගාරය” යූ ටියුබ් නාලිකාව මගින් සජීවීව නැරඹ්ය හැකිය.

දහම්පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරන මෙම වැඩසටහනේ පූර්ණ අනුග්‍රහය “සණස රක්ෂණ සමාගම විසිනි, සමාජ මාධ්‍ය ජාල අනුග්‍රහය “එසැණ” පුවත් සමග Citizen News මාධ්‍ය ජාලය මගිනි.

මෙම වැඩසටහන සිසු සිසුවියන් හා මවුපියන්ට, ගුරුවරුන්ට ඉතා වැදගත් බැවින් පහත දක්වා ඇති සඹැදිය ඔස්සේ එය නැරඹිය හැකියි.

Leave A Reply

Your email address will not be published.