කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මේධානි ජයමාන්න ඊයේ සමත් වුණා.
ඒ මූලික වටයේ දෙවන තරගයේදී 4 වන ස්ථානය දිනා ගනිමින්.
මේධානි ජයමාන්නගේ මීටර් 200 ඉසව්වේ සිය පෞද්ගලික හොදම දක්ෂතාව ඊයේ එම තරගයේදී ඇය දක්වා තිබෙනවා.
මේ වන විටත් මේධානි ජයමාන්න කොළඹ ලුම්බිණි විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්.