පීසීආර් සහ ඇන්ටිජන් සඳහා උපරිම ගාස්තුවක්

පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ සිදුකරන පීසීආර් පරීක්ෂාවක් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ව ගාස්තුව රු 6,500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපමරිම ව රු 2,000ක මුදලක් අය කළ හැකි බව ද ඇය කීවාය.

එයට අදාළ ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

 

Leave A Reply

Your email address will not be published.