ප්‍රමාද වී තහවුරු කොවිඩ් ආසාදිතයින් 3,000ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිතයින් 3,223ක් පසුගිය දින 07ක කාලය තුලදී හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 336,170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය රෝගීන් ගණන 32,786ක් වනවා.

මෙම ආසාදිතයින් ප්‍රමාද වී වාර්තා වීම, දිවයින පුරා සිදුකරනු ලබන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් හඳුනා ගනු ලබන රෝගීන් සහ නිවාස ආශ්‍රිතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ දත්ත වාර්තා තහවුරු කර ගැනීමේ ප්‍රමාදයක් පසුගිය දින 07ක කාලය තුලදී මතුවූ නිසා සිදුවී ඇති බව එම ඒකකය පවසනවා.

 

Leave A Reply

Your email address will not be published.