මෙම වසරේදීත් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. වර්තමාන තත්ත්වය හමුවේ වාහන ආනයන කිරීමට පෙර රටට අත්‍යාවශ්‍ය බොහෝ දෑ ගෙන්වීමට තිබෙන බවයි රජය පවසන්නේ.
විද්‍යුත් මෝටර් රථ ආනයනය කිරීමට අවසර ලබාදීමට මේ වනවිට අවධානය රජයේ යොමුවී තිබෙනවා. විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි අයවැයේදී සහන ලබා දීමට රජය සැලසුම් කර ඇති අතර . මෙරට තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද පසුගිය දා හිමිවුණා.
මෙරට තුළ විද්‍යුත් මෝටර් රථ ප්‍රචලිත කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඊට අවශ්‍ය ආරෝපණ මධ්‍යස්ථානද රට පුරා ස්ථාපිත කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා ජර්මනියේ ආයෝජකයෙකු සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවද දන ගන්නට තිබෙනවා.