චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 1.86ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් අද (08) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.
ඒ සමඟ මෙරටට හිමිවූ මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 14.7ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
එම එන්නත් තොගය කොළඹ එන්නත් ගබඩා වෙත ප්‍රවාහනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.