මාතර අනාගතයට අවුරුද්දක් සපිරෙද්දී අලුත් වෙන මාතර ගැන නිපුණ කියයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා වසරක් සපිරෙන දින පසුගිය වසරේ පාර්ලි⁣මේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා විසින් සිදු කරන ලද ව්‍යාපෘති හා ඉදිරියේ සිදු කිරීමට නියමිත ව්‍යාපෘතීන්හි සාරාංශය ඇතුලත් අලුත් වෙන මාතර – වසරක පසුවිපරම ඇතුලත් පුවත්පත පසුගිය 05 වැනිදා මාතර දිස්ත්‍රික්කය පුරා ජනගත කරන ලදි.

නිල්වලා නෙළුම පදනමේ සෑම ග්‍රාම⁣සේවා වසමක්ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ග්‍රාමීය සංවර්ධන කමිටු හරහා දිස්ත්‍රික්කය පුරා මෙම පුවත්පත බෙදාදීමට කටයුතු සංවිධානය කර තිබුනි.

වැඩ කරන රටක ගොඩනැඟෙන මාතර අනාගතය යන සංකල්පය මත තිරසාර සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් නිපුණ රණවක මැතිතුමන් ගෙන ආ ප්‍රතිපත්තිමය ප්‍රකාශය තුල අඩංගු මූලික ඉලක්කයන් මාතොට මහ පොළොව තුළ යථාර්ථයක් කරමින්, “අලුත් මාතරක්” ලෙස පූර්ණ වසරක් තුල මෙතෙක් ආ ගමනේ සාරාංශය, පසුවිපරම, යෝජිත සැලසුම් හා ඉදිරි දැක්ම ඇතුලත් වන පරිදි නිර්මාණය කර ඇති මෙම පුවත්පත ජනතාවට වගකියන දේශපාලන සංස්කෘතියක නව ආගමනයක් ලෙස හුවා දැක්විය හැක. ජනතාවගේ මනාපය ජාතික දේශපාලන වපසරිය තුල ක්‍රියාත්මක වූ ආකාරය මේ අයුරින් සාරාංශ ගතකොට ඉදිරිපත් කිරීම නියත වශයෙන්ම අගය කලයුතු කර්තව්‍යක් ලෙස හුවාදැක්විය හැක.

Leave A Reply

Your email address will not be published.