ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින අතර ප්‍රදේශ කිහිපයකට අද (08) දිනය තුළ මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50 පමණ දක්වා වැඩි විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave A Reply

Your email address will not be published.