ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය ගැන විශේෂ අනාවරණයක්

මෙරට ව්‍යාප්තව පවතින ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා දරුණු බව සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15 ක් තුළ බොහෝ පිරිසකට ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බවයි.

මීට පෙර මෙරට ව්‍යාප්තව තිබූ කොරෝනා වෛරස් ප්‍රභේදය විනාඩි 15 ත් 30 ත් අතර කාලපරාසයකදී තවත් පිරිසකට ව්‍යාප්ත වූ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඉන්දියාව, බ්‍රිතාන්‍යය ය ඇතුළු රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා විය හැකි බවටයි මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර තිබුණේ.

 

Leave A Reply

Your email address will not be published.