පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු එහි සේවයේ නියුතු විසි දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සදහන් කළේ පළමුව තැපැල් ස්ථානාධිපතිවරයා සහ ලිපි බෙදන්නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 35 දෙනෙකු පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කර තිබුණා.
ඉන් එම තැපැල් කාර්යාලයේ තවත් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.