ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

ඊයේ (30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය ගමන් ගත් වෑන් රථය නුවරඑළිය – තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව තිබේ.

මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.

 

Leave A Reply

Your email address will not be published.