ප්‍රදේශ කිහිපයකට වැසි

අද සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය..

මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී 40 – 50 පමණ දක්වා වැඩි වේ.

Leave A Reply

Your email address will not be published.