ඩෙංගු අවදානම ඉහළට

මේ දිනවල ඩෙංගු රෝගය රට තුල සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළ ගොස් තිබෙනවා.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවලින්. එම දිස්ත්‍රික්ක දෙකේ පමණක් ඩෙංගු රෝගීන් 2200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සෙසු දිස්ත්‍රික්ක 13 අතරින් ගම්පහින් ඩෙංගු රෝගීන් 891 ක් සහ කළුතරින් රෝගීන් 572 ක් ලෙස ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. තවත් දිස්ත්‍රික්ක 7කින් ඩෙංගු රෝගීන් 200 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,155 ක්. කෙසේවෙතත් ගතවූ ජූනි මාසයට සාපේක්ෂව මේ මාසයේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගන්ගේ කිසියම් අඩුවීමක් ද දැකගත හැකියි.

Leave A Reply

Your email address will not be published.