සයිනොෆාම් එන්නත ගත් අයට සුබ ආරංචියක් !

සයිනොෆාම් එන්නත කොරෝනා වයිරසයට එරෙහිව ඉහළ ප්‍රතිශක්තියක් ඇති කරන බව ඒ සම්බන්ධයෙන් දේශීයව කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවයි එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ.

එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය හා වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

Leave A Reply

Your email address will not be published.