බත්තරමුල්ල ජාතික සඳුන් උයන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හරිත කලාපයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික සඳුන් උයන ඉදිකර තිබෙනවා.
රජ දවසින් පසු රාජ්‍ය අනුග්‍රහයකින් ඉදිකෙරුණු ප්‍රථම ජාතික සදුන් උයනද මෙයයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 9 ක් වූ ඉතා ඉහළ ආර්ථික වටිනාකමින් යුත් ඉඩමක් මේ සදහා යොදා ගෙන තිබෙනවා. අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ ජාතික සඳුන් උයන ඉදිකිරීම සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 294 ක්. නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකළා.
ජාතික සඳුන් උයන දුර්ලභ රත් හඳුන් ශාක 300 කින් සහ සුදු හඳුන් ශාක 900 කින් සමන්විතයි. ව්‍යායාම් කිරීමට සහ යෝග වැඩසටහන් පැවැත්වීමට මෙන්ම විවිධ භාවනා වැඩසටහන් කිරීම සඳහා ද සුදුසු පරිසරයක් එහි නිර්මාණය කර තිබෙනවා. විවෘත රථ ගාලක් මෙන්ම සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විත ජාතික සඳුන් උයන පිරිස`ිදු ආහාරපාන සහිත අවහන්හල්වලින්ද සමන්විතයි.