අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිවූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.
අදාළ ගෑස් සිලින්ඩරය රුපියල් 1,395ක මුදලකට අලෙවි කිරීම සඳහා ලීට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගියදා හඳුන්වාදී තිබු අතර
මිල අඩු කිරීම අනුව පාරිභෝගිකයාට පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක සහන මිලකට ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් මිලට ගත හැකි වේ.