තෝමස් හාවි විසින් සොරාගත් අයින්ස්ටයින්ගේ මොළය..

භෞතික වාදයේ පියා ලෙස වඩාත් ප්‍රචලිත අයින්ස්ටයින් උපත ලැබුවේ 1879 මාර්තු 14 වන දින ජර්මනියේ ය. ඔහුගේ විද්වත් දක්ෂතා නිසා අයින්ස්ටයින්ගේ නම ‘ජීනියස්‘ ලෙස යොදා තිබුණා. 1955 අප්‍රේල් 18 වන දින නිව් ජර්සි හි ප්‍රින්ස්ටන්හි දී ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව මියගොස් දිනක් ඇතුළත අවසන් කටයුතු සිදු කිරීම සිදුවුණා. ආදාහනය සඳහා රැගෙන ගිය දේහයේ එක් ශරීර කොටසකින් අඩු වුණා. ඒ අයින්ස්ටයින්ගේ මොළයයි.

ඔහුගේ මොළය ව්‍යාධි විද්‍යා තෝමස් හාවි විසින් සොරකම් කර තිබුණා.

අයින්ස්ටයින්ගේ දේහයෙන් ඔහුගේ මොළය ඉවත්කරගත් හාවි ෆෝමලින් බඳුනකට දමා සුරක්ශිතව තමා සන්තකයේ තබාගත්තා.

අයින්ස්ටයින්ගේ මොළය සොරකම් කළේ ඇයි?

ඔහු අපේක්ෂා කලේ ඉදිරි අධ්‍යනය සඳහා අයින්ස්ටයින්ගේ මොළය පරීක්ෂා කිරීමයි. එමගින් ඔහුගේ දක්ෂතාවයේ රහස් හෙළි කිරීමේ බලාපොරොත්තුවෙන්, පසුව අයින්ස්ටයින්ගේ පුතාගේ අනුමැතිය ලබාගැනීමට ඔහුට හැකිවූ පසු, හාවි මොළය කැබලිවලට කපා විවිධ විද්‍යාඥයන්ට පර්යේෂණ සඳහා යවා ඇත. ඔහු විසින් අයින්ස්ටයින්ගේ මොළය කැබලි 240කට වෙන් කර ඒ සෑම කොටසක් ම අධ්‍යායනය කර තිබුණා.

හාවි ඔහු සමඟ මොළයේ කොටස් රැගෙන ලෝකයේ විවිධ ප්‍රදේශවලට ගමන් කළේය. ඒ ඔහුගේ මොළයේ ඇති අසාමාන්‍ය බුද්ධිය ගැන සොයා බැලීමටයි.

1985 දී කැලිෆෝනියාවේ හාවි සහ සහයෝගිතාකරුවන් අයින්ස්ටයින්ගේ මොළය පිළිබඳ පළමු අධ්‍යයනය ප්‍රකාශයට පත් කළහ. එය කියා සිටියේ නියුරෝන සහ ග්ලියා යන සෛල වර්ග දෙකක අසාමාන්‍ය අනුපාතයක් ඇති බවයි.

තවත් පස්දෙනෙකු විසින් තනි සෛලවල හෝ අයින්ස්ටයින්ගේ මොළයේ විශේෂිත ව්‍යුහයන්හි වෙනස්කම් වාර්තා කරන ලදි. ඔහුගේ මොළය තුළ උදරීය පාර්ශ්වික ප්‍රදේශය සාමාන්‍ය පුද්ගලයකුට වඩා සියයට 15කින් ප්‍රමාණයෙන් වැඩි තියෙනවා. ඒ නිසා සුවිශේෂී දැක්ම පෙනීම සහ ගණිත හැකියාව අනාගතය විනිවිද යාමේ හැකියාවන් ඔහුට ලැබුණා. සාමාන්‍ය පුද්ගලයකු තුළ මේ ප්‍රදේශය වෙන්කරමින් ඡේදනය ගමන් කළත් අයින්ස්ටයින්ගේ මොළය පරීක්ෂාවේ දී එවැන්නක් හමු වුණේ නැහැ. ඒ නිසා කලාපය හරහා පණිවිඩ හුවමාරුව වේගවත් වුණා.

මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් 1999 දී කරන ලද අධ්‍යනයකින් හෙළි වෙලා තියෙන්නේ අයින්ස්ටයින්ගේ මොළය සාමාන්‍යට වඩා කුඩා බවත් සමස්ත වශයෙන් ගත් කළ ඔහුගේ මොළයේ සමහර ප්‍රදේශ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල බවයි.

Leave A Reply

Your email address will not be published.