චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි අත්අඩංගුවට..

සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙම උපන්දින උත්සවයට 25දෙනෙකු පමණ එක්ව ඇති බවත් ඉන් 12දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අත්අඩංගුවට පත් සැකකාරිය හා සැකකරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද කියා සිටියේය.

සෞඛ්‍ය උපමාන උල්ලංඝනය කිරීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 264 වගන්තිය යටතේ ඉදිරියේදී චෝදනා ගොනුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අද දිනයේ දී චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය යෙදී ඇති අතර මෙම සැමරීම ඊයේ දිනයේ දී කොළඹ පිහිටි තරු පහේ හෝටලයක පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.