බක් මාසයේ දී එනම් අප්‍රේල් මාසයේ දී සිදුවන අකුණු ගැසීම් සාමාන්‍ය ව්‍යවහාරයේ දී බක්මහ අකුණු ලෙස හඳුන්වයි. නමුත් දේශගුණ විද්‍යාව අනුව එය හැඳින්වෙන්නේ සංවහන අකුණු කුණාටු වශයෙනි. සංවහනයවීම යන්නෙහි අර්ථය නම් සූර්යාලෝකය පොළොවට පතිතවීම නිසා පොළොව හොඳින් උණුසුම් වීමත් එම රත්වූ වායුව ඉහළට ගමන් කිරීමත් ය. එලෙස වායුව ඉහළ යන විට පොළොව ආශ්‍රිත පහල වායුගෝලය සිසිල් වෙයි. පීඩනය අඩුවෙයි. සාමාන්‍ය වායුගෝලීය ක්‍රියාවලිය අනුව එම අවපීඩනය පිරවිය යුතුය. අප්‍රේල් කාලයේ දී වැඩි සුර්යාලෝකයක් පතිත වෙයි. විශේෂයෙන්ම කොළඹට සූර්යා මුදුන්වන්නේ අප්‍රේල් මස පස්වැනි දිනයේ දී ය. එම නිසා ගොඩබිම උණුසුම්වී වායුව ඉහළට ගමන් කරයි. එවිට ගොඩබිම වායුගෝලීය පීඩනය අඩු වෙයි. නමුත් රට වටා තිබෙන සාගරයේ පීඩනය වැඩිය. සාමාන්‍ය වායුගෝලීය ක්‍රියාවලිය අනුව එසේ ගොඩබිමේ පීඩනය අඩුවූ විට එය පිරවිය යුතුය.
ගොඩබිමේ අඩු පීඩනයත් මහා මුහුදේ වැඩි පීඩනයක් නිසා ඒ දෙක අතර වෙනසක් පවතී. එසේම හවස් කාලයේ වන විට සාගරය ඇති වායු වායුගෝලීය වැඩි පීඩනය ගොඩබිම දෙසට පැමිණෙයි. ඒත් සමගම සිදු වෙන දෙයක් නම් වෙරළාසන්න කලාපයේ සිට මධ්‍යම කදුකරය දක්වා සුළං රට ඇතුළට පැමිණීමත් ඊට ජල වාෂ්ප එක්වීමෙන් වැහි වලාකුළු නිර්මාණයවීමත් ය. සාමාන්‍යයෙන් එම ක්‍රියාවලිය සිදු වන්නේ මධ්‍යන දොලහෙන් පමණ පසුවය. සවස දෙක තුන පමණ වන විට ජල වාෂ්ප සංතෘප්ත වීමෙන් වළාකුළු හොඳින් වර්ධනයවීම සිදුවේ. සවස හතරෙන් පමණ පසු වර්ෂාව ඇද හැලෙයි. එම වළාකුළු තල්ලුවී ගොස් මධ්‍ය කදුකරයේ හැපීම හේතුවෙන් එහි බටහිර බෑවුම් පෙදෙසට තදින් වර්ෂාපතනයවීම සිදුවේ. එම වැහි බක්මහ වැහි නැති නම් සංවහන වර්ෂා යනුවෙන් හැදින්වෙයි.
විදුලි කෙටිම යනු විද්‍යුත් ආරෝපණයකි. ධන හා ඍණ ආරෝපණ එකට එකතුවීමේ දී පිපිරීමට ලක් වෙයි. මුලින්ම සිදුවන්නේ විදුලි කෙටීම ය. එනම් ධන හා ඍණ ආරෝපණ වළාකුළුවල දී එකට ගැටීමෙනි. එය විද්‍යුත් ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය බලවත් වන විට ඒවා පුපුරා යයි. ජල වාෂ්ප වල අන්තර්ගත ”අයන අණු” විද්‍යුත් ආරෝපණය අනුව විදුලි ආලෝකයක් නිපදවයි. ඒවායෙහි වෝල්ටීයතාවය 10000 සිට 40000 වැඩි වෙන අවස්ථාද තිබේ. වළාකුළු හොඳින් වර්ධනය වන්නේ නම් විද්‍යුත් ආරෝපණය ද වැඩිය. කුඩා බලාපොරොත සිදුවන විද්‍යුත් ආරෝපණ ක්‍රියාවලිය අඩුය. එසේම එවැනි කුඩා වලාකුළක් හේතුවෙන් වර්ෂාව හට නොගන්නා අතර විදුලි කෙටීම පමණක් සිදුවේ.
ඉහළ සිට පැමිණෙන විද්‍යුත් ආරෝපණ කුමන හෝ ආධාරකයක් හරහා භූගතවීමේ දී 40,000ක් පමණ අධි වෝල්ටීය තාවයකින් යුතු වන නිසා එයට හසුවන ආධාරකය විනාශවීම සිදුවේ. පිට්ටනියක හෝ වෙනත් එළිමහන් ස්ථානයක ගමන් ගන්නා පුද්ගලයකු හරහා විද්‍යුත් ආරෝපණ ගමන් කරන අවස්ථාවක් අපි සාමාන්‍යයෙන් මිනිසකුට අකුණු වැදුණු අවස්ථාවක් ලෙස හඳුන්වමු. කිතුල් හා පොල් ගස්වල ගොබ එලෙස විද්‍යුත් ආරෝපණ භූගතවීම සිදුවන සුලභ ආධාරකයන් ය. කුඩවල නන හා වෙනත් යකඩ ද්‍රව්‍ය හරහා ද එම ක්‍රියාවලිය සිදු වේ.
මෙවැනි අකුණු ගැසීම්වලින් ආරක්ෂාවීමට ගත හැකි ක්‍රියාමාර්ග විමසා බැලීම ද වැදගත් ය. නිවාස ඉදිකිරීමේ දී අහසේ සිට පැමිණෙන විද්‍යුත් ධාරාවලින් ආරක්ෂාවීම සඳහා අකුණු සන්නායක රැහැන් සවි කරන බව අපි දනිමු. නිවෙස්වල ඇති රූපවාහිනි යන්ත්‍ර ශීතකරණ වැනි උපකරණ ක්‍රියාත්මක කර තිබුණහොත් විද්‍යුත් ධාරා පළමුව පැමිණෙන්නේ ඒවා සම්බන්ධ කර ඇති විදුලි පේනුවලට ය. හතළිස්දාහ ක පමණ බෝල් ටික තාවයකින් යුත් විද්‍යුත් ධාරාවලට හසුවන විදුලි උපකරණ විනාශවී යෑම වැළැක්විය නොහැකිය. අකුණු සන්නායක රැහැන් සවි කිරීම හරහා අකුණු වලින් අකුණු වලින් නිවාස මෙන්ම විද්‍යුත් උපකරණ ද ආරක්ෂා කරගත හැකිය. විද්‍යුත් ආරෝපණ එම අකුණු සන්නායක රැහැන් හරහා පොළොවට ගමන් කර භූගතවීම සිදුවේ. තට්ටු නිවාසවල එවැනි අකුණු සන්නායක රැහැන් සවි කිරීම අත්‍යවශ්‍ය ය. එවැනි රැහැන් සවි නොකළ නිවාසවලට අකුණු ඇදී යාමේ වැඩි ඉඩක් පවතී.
අකුණු ගසමින් වසින අවස්ථාවන ඇල දොළ ගංගා වැනි ජලය සහිත ස්ථානවල සිටීමෙන් අකුණු අකුණු සැර වැදීමේ ඉහළ අවදානමක් පවතින බව සත්‍යයකි. ගංගා හා තෙතමනය සහිත ස්ථානවල විද්‍යුත් ආරෝපණ වැඩිය. ජලයෙ තිබෙන්නේ ඍණ විද්‍යුත් ආරෝපණය. ඒ නිසා ජලයට අකුණුසැර ඇදීමේ සම්භාවිතාව වැඩිය. ශරීරය තෙතව තබාගෙන විදුලිය ගමන් කරන වයස ස්පර්ශ නොකරන ලෙස පොදුවේ උපදෙස් දෙන්නේ ද ඒ නිසාය. රබර් පාවහන් පැලඳගෙන විදුලි කර්මාන්ත කටයුතු කළ යුතු යැයි කියන්නේ ද එවැනි අවස්ථාවල අවස්ථාවල ශරීරයෙහි ජලය ස්පර්ශවී තිබුණ ද තිබුණද විදුලිය රබර් පාවහන් හරහා පොළොවට ගමන් නොකරන නිසා ය.