කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගැනේ

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් බි‍්‍රතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. එම වෛරස් ප‍්‍රභේදය ජනතාව අතර සීග‍්‍රයෙන් ව්‍යාප්ත වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

කෙසේවෙතත්, මෙම තත්ත්වය හේතුවෙන් බි‍්‍රතාන්‍ය  ඉකුත් දා ආරම්භ කළ කොරෝනා මර්දන එන්නතකරණයට බලපෑමක් නොවන බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසනවා. පවතින තත්ත්වය හමුවේ ලන්ඩන් අගනුවර ඇතුළු ජනාකීර්ණ ප‍්‍රදේශ රැසකට දැඩි සංචරණ සීමා පැනවීමටයි බි‍්‍රතාන්‍ය රජය තීරණය කර ඇත්තේ.

එම සීමා ඉදිරි දින කිහිපයේ දී පැනවෙනු ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා. ඒ අනුව මත්පැන්හල් හා අවන්හල් වසා තැබෙනු ඇති. කෙසේවෙතත්, වෙළෙඳසැල් හා පාසල් තවදුරටත් විවෘතව තැබෙනු ඇති. මහජන ඒකරාශීවීම් ද පුද්ගලයන් 06දෙනෙකුට පමණක් සීමා කෙරෙන බවයි පැවසෙන්නේ.

Leave A Reply

Your email address will not be published.