අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන “දශකයේ ක්‍රීඩකයන්” සඳහා වූ සම්මාන සඳහා මෙරට ක්‍රීඩකයන් 04දෙනෙකුගේ නම් නිර්දේශවී තිබේ.
ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු සහ කඩුළු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාර අයි.සී.සී. දශකයේ ක්‍රීඩකයා ලෙසත්, එක්දින තරගාවලියන්හි දශකයේ ක්‍රීඩකයා ලෙසත් නිර්දේශ නාම අතරට එක්වී තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන අයි.සී.සී. දශකයේ ජීව ගුණය සපිරි ක්‍රීඩකයා ලෙසත් නිර්දේශිත නාම අතරට එක් කර තිබේ.
එමෙන්ම පන්දුයවන්න ලෙස ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක මෙන්ම සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග අයි.සී.සී. T20 තරඟාවලියන්හි දශකයේ ක්‍රීඩකයා ලෙසත්,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් අයි.සී.සී. ටෙස්ට් තරඟාවලියන්හි දශකයේ ක්‍රීඩකයා ලෙසත් නිර්දේශිත නාමයන් අතරට එක්වී තිබේ.